27.2 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද විරෝධතාවලට අවසර නෑ - පොලීසිය

අද විරෝධතාවලට අවසර නෑ – පොලීසිය

දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති සහ බහුජන සංවිධානය ඒකාබද්ධව අද (02) පස්වරුවේ කොළඹදී පැවැත්වීමට සූදානම් විරෝධතාව සඳහා කොටුව දුම්රියපොළ ඉදිරිපිට හෝ ඒ ආසන්නයේ පැවැත්වීමට අවසර නොදෙන බව පොලිසිය ලිපියක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව අද (02) අලුයම සිට පොලිස් නිලධාරීන් විරෝධතාවට සහභාගී වීමට සූදානම් වන පාර්ශව සිටින නිවාස සහ කාර්යාලවලට ගොස් මේ බව දන්වා ඇති බව වාර්තා වෙයි.

කොළඹ මධ්‍යම 2 කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරී කේ.ඒ.ඊ. එන්. දිල්රුක්ගේ අත්සනින් මෙම ලිපිය නිකුත් කර ඇත. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ මෙම විරෝධතාව පැවැත්වෙන කාල සීමාවේ මාර්ග අවහිර වීම නිසා රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවය අවසන් කර යන ජනතාවට මෙන්ම කොටුව සහ පිටකොටුව තොග වෙළෙඳාමටද අවහිරතා ඇති විය හැකි බවයි.