― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපී - 627 නෞකාව කොළඹට සේන්දු වෙයි

පී – 627 නෞකාව කොළඹට සේන්දු වෙයි

එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවට පරිත්‍යාග කරන ලද පී – 627 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව අද (02) පෙරවරුවේ කොළඹ වරායට සේන්දු වී තිබේ.

මෙම නෞකාව පසුගිය වසරේ ඔක්තෝම්බර් 26 වැනිදා නිල වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවට සියැටල් වරායේදී භාර දෙනු ලැබීය.

නාවික හමුදා නෞකාවක් යාත්‍රා කළ දීර්ඝතම මුහුදු ගමන වන නාවික සැතපුම් 10,722ක ගමනකින් පසු මෙම නෞකාව අද පෙරවරුවේ කොළඹ වරායට සේන්දු විය.