25.6 C
Colombo
Friday, May 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහැලොවීන් තදබදයෙන් මියගිය ශ්‍රී ලාංකිකයාගේ පවුලට කොරියාවෙන් මූල්‍ය ආධාර

හැලොවීන් තදබදයෙන් මියගිය ශ්‍රී ලාංකිකයාගේ පවුලට කොරියාවෙන් මූල්‍ය ආධාර

කොරියාවේ සෝල් නුවර හැලොවින් උත්සවයක් අතරතුර තෙරපීමකින් මියගිය 27 හැවිරිදි මොහොමඩ් ජිනාඩ්ගේ පවුලට සහ ඔහුගේ අවසන් කටයුතු සඳහා කොරියානු රජය මූල්‍ය ආධාර ලබාදීමට තීරණය කර තිබේ.

මෙලෙස මිය ගිය තරුණයා සම්බන්ධයෙන් කොරියානු රජය සහ කොරියානු ජනතාව බලවත් ශෝකය පළ කළ බව කොරියානු තානාපතිවරයා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙත ප්‍රකාශ කර තිබේ.

තානාපතිවරයා ඊයේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍යවරයා හමුවී තම රජය වෙනුවෙන් ශෝකය පළ කළේය.

හැලොවීන් උත්සවය අතරතුර ඇති වූ තෙරපීමකින් තුවාල ලැබූ විදේශිකයින් 26 දෙනෙකු ඇතුළු ජීවිත 156ක් අහිමි වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රජය සහ ජනතාව වෙනුවෙන් ශෝකය පළ කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන එහිදී ප්‍රකාශ කළේය.