― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජානකී සිරිවර්ධන 16 දක්වා රිමාන්ඩ්

ජානකී සිරිවර්ධන 16 දක්වා රිමාන්ඩ්

අත්අඩංගුවට ගත් ක්‍රිෂ් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරියක් වන ජානකී සිරිවර්ධන ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (05) නියෝග කළේය.

මහා පරිමාණ මූල්‍ය වංචා චෝදනා එල්ලවී සිටින තිළිණි ප්‍රියමාලිට ආධාර අනුබල දීමේ චෝදනා මත ක්‍රිෂ් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරියක් වන ජානකී සිරිවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා (04) අත්අඩංගුවට ගනු ලැබීය.

පසුව තිළිණි ප්‍රියමාලි සිදුකළ මූල්‍ය වංචා 2 ක් සම්බන්ධයෙන් ජානකී සිරිවර්ධනගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඇයව අලුත්කඩේ අංක 3 මහෙස්ත්‍රාත් අධිකරණය වෙන ඉදිරිපත් කළේය.

එහිදී ඇයව අධිකරණය වෙත මාංචු සහිතව රැගෙන ආ අතර මෙරට කෝටිපති ව්‍යාපාරිකයන් ඇතුළු සමාජයේ ප්‍රභූ පන්තියේ ධනවතුන් රවටමින් කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ කාර්යාලයක් පවත්වාගෙන යමින් දැවැන්ත මූල්‍ය වංචාවක නිරත වූ තිළිණි ප්‍රියමාලි නැමැත්තිය කොළඹ කොටුව ලෝක වෙළඳ මධ්‍යස්ථානය වෙත පසුගියදා ආරක්ෂක රැකවල් මැද රැගෙන ආවා.

බන්ධනාගාර නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග තිළිණි ප්‍රියමාලි ලෝක වෙළඳ මධ්‍යස්ථානයට පැමිණෙන අවස්ථාවේ සාමාන්‍යයෙන් අත්අඩංගුවේ පසුවන සැකකරුවන් හට පලඳන මාංචු යොදා නොතිබීම විශේෂත්වයකි.