27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalආණ්ඩුවත් හරියට සෝමාලියා නැවක් අල්ලගත්ත හොර කණ්ඩායමක් වගේ

ආණ්ඩුවත් හරියට සෝමාලියා නැවක් අල්ලගත්ත හොර කණ්ඩායමක් වගේ

මේක නිකං සෝමාලියා නැවක් අල්ලගත්ත හොර කණ්ඩායමක් වගේ බවත් ජනතාව මුහුණ දී සිටින පීඩනයට පිළිතුරු සොයනවා වෙනුවට ආණ්ඩුව පිළිතුරු සොයන්නේ පීඩනයට එරෙහිව මර්දනය ක්‍රියාත්මක කිරීමට බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (08) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ මර්දනය පැවැත්මේ සාධකය බවට පත් කරගත් ලෝක නායකයන් ඉතිහාසයේ කුණු ගොඩට වැටී තිබෙන බවයි.

අන්තරේ කැඳවුම්කරු ඇතුළු භික්ෂූන් වහන්සේ රඳවාගෙන සිටින හේතුවක් කියන්නැයි තමා ආණ්ඩුවට අභියෝග කරන බවත් ආණ්ඩුවට රැකියා උත්පාදනය කිරීම සඳහා නිසි සැලසුමක් නොමැති බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.