― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොලිසියට එරෙහිව පැමිණිලි 9,295ක්

පොලිසියට එරෙහිව පැමිණිලි 9,295ක්

පසුගිය වසර 05 තුළ ශ්‍රී ලංකා පොලිසියට එරෙහිව පැමිණිලි 9,295ක් ලියාපදිංචි වී තිබේ.

මෙම පැමිණිලි ජාතික පොලිස් කොමිසමේ ලියාපදිංචි කර ඇති අතර නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීම්, බොරු නඩු, පහරදීම්, වෙනස් කොට සැලකීම් සහ පොලිස් අකාර්යක්ෂමතාව සම්බන්ධයෙන් පැමිණිලි ගොනු කර ඇත.

ඉංග්‍රීසි පුවත්පතක් විසින් පළ කර ඇති තොරතුරුවලට අනුව එම පැමිණිලි සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම නිසි පියවර නොගත් බවට චෝදනා එල්ල වී තිබේ.

එසේම 2018 වසරේ ජාතික පොලිස් කොමිසමට රුපියල් 127,764,000ක් වෙන් කර ඇත. එය 2015 වසරේ වෙන් කළ මුදල මෙන් දෙගුණයකි.