29.5 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරාජ්‍ය තාන්ත්‍රිකයින් 08ක් ජනපතිට අක්තපත්‍ර බාරදෙති

රාජ්‍ය තාන්ත්‍රිකයින් 08ක් ජනපතිට අක්තපත්‍ර බාරදෙති

ශ්‍රී ලංකාව වෙනුවෙන් පත්ව පැමිණි නව තානාපතිවරු 08 දෙනෙක් සහ මහකොමසාරිස්වරයෙක් අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සිය අක්ත පත්‍ර භාරදුන්නා.

මෙක්සිකෝව, භූතානය, පැරගුවා, ලක්ෂම්බර්ග්, රුසියාව, ඕමානය සහ ප්‍රංශය සඳහා නව තානාපතිවරුන්ද ඝානා රාජ්‍ය සඳහා මහකොමසාරිස්වරයෙක්ද මෙලෙස පත්ව සිටිනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ මෙක්සිකෝ නව තානාපති ලෙස ෆෙඩෙරිකෝ සලාස් ලොට්ෆේ, ශ්‍රී ලංකාවේ භූතාන නව තානාපතිවරයා ලෙස රින්චෙන් ක්වෙන්සිල්, ශ්‍රී ලංකාවේ පැරගුවා නව තානාපතිවරයා ලෙස ෆ්ලෙමින් රවුල් ඩෝටේ, ඝානා රාජ්‍යයේ නව මහකොමසාරිස් ලෙස ක්වාකු අසෝමා චෙරමේ, ලක්ෂම්බර්ග් රාජ්‍යයේ නව තානාපතිනිය ලෙස පෙගි ෆැන්සන් , රුසියා නව තානාපති ලෙස ලෙවාන් ධ්‍රගාරියන්, ඕමාන නව තානාපතිවරයා ලෙස අහමඩ් අලී සයිඩ් අල් රෂ්ඩි සහ ප්‍රංශ නව තානාපතිවරයා ලෙස ජෝන් ෆ්‍රැන්කෝ පැක්ටේ යන අය කටයුතු කරනු ඇති.