― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsETI තැන්පත්කරුවන්ගෙන් චෝදනාවක්

ETI තැන්පත්කරුවන්ගෙන් චෝදනාවක්

රුපියල් කෝටි 250 ක් වංචා කළ තිළිණි ප්‍රියමාලිගේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වෙමින් පැවතියද, රුපියල් බිලියන 33 ක් වංචා කළ ETI ආයතනය සම්බන්ධයෙන් තවමත් නීතිය ක්‍රියාත්මක වී නොමැති බවට ETI තැන්පත්කරුවන් චෝදනා කරනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ETI තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංවිධානයේ සභාපතිනි අනූෂා ජයන්ති කියා සිටියේ තැන්පත්කරුවන්ගේ මුදල් වහාම ලබාදීමට ක්‍රියා කළ යුතු බවයි.

තැන්පත්කරුවන්ගේ මුදල් කඩිනමින් ලබාදීමට පියවර ගත යුතු බව ඇය එහිදී වැඩිදුරටත් පැවසුවාය.