28.4 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅහංගම වෙරළ තීරයේ රජ කළ කිඹුලා අල්ලා ගැනේ

අහංගම වෙරළ තීරයේ රජ කළ කිඹුලා අල්ලා ගැනේ

අහංගම නගරයේ තැපැල් කාර්යාලය ඉදිරිපිට වෙරළ තීරයේ සැරිසරමින් සිටි කිඹුලා අල්ලා ගැනීමට ප්‍රදේශවාසීන්ට අද (14) හැකියාව ලැබී තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ අඩි 07ක් පමණ දිගකින් යුත් මෙම කිඹුලා දින කිහිපයක සිට මෙම වෙරළ තීරයේ රැඳී සිටි බවයි.

මෙම සත්වයා හේතුවෙන් අවට ප්‍රදේශවල සංචාරක ක්ෂේත්‍රයට මෙන්ම ධීවර කර්මාන්තයටද තරමක බලපෑමක් එල්ල වී තිබූ බවයි වාර්තා වුණේ. මෙම කිඹුලා සම්බන්ධයෙන් පොලීසියට සහ වනජීවී දෙපාර්තමේන්තුවට දැනුවත් කළත් නිසි ක්‍රියාමාර්ගයක් ගෙන තිබුණේ නැහැ.

ඒ හේතුවෙන් ප්‍රදේශවාසීන් එක්ව වෙරළ තීරයේ සැරි සරමින් සිටි මෙම සත්වයා අල්ලා ගැනීමට මෙලෙස කටයුතු කර තිබුණා.