26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldIMF ණය මෙන් දෙගුණයකට අම්බානි ලිවර්පූල් ගන්න යයි

IMF ණය මෙන් දෙගුණයකට අම්බානි ලිවර්පූල් ගන්න යයි

ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානි විසින් එංගලන්ත ලිවර්පූල් පාපන්දු කණ්ඩායම මිලදීගැනීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහි වත්මන් හිමිකරුවන් වන ෆෙන්වේ ක්‍රීඩා ආයතනය විසින් එය විකුණා දැමීමට සූදානම් වන අතර ඔවුන් ඒ සඳහා ඔවුන් බ්‍රිතාන්‍ය පවුම් බිලියන 4 (ඇමරිකානු ඩොලර් බිලියන 4.73ක් වේ.) මෙය ආසන්න වශයෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (අයි.එම්.එෆ්.) බලාපොරොත්තු වන ඇ.ඩො. බිලියන 2.9 ක මුදල මෙන් දෙගුණයක් වේ.

අම්බානි හිමිකාරීත්වය දරණ රිලයන්ස් සමූහය ක්‍රීඩා කටයුතු සඳහාද විශාල වශයෙන් ආයෝජනය කරන ආයතනයක් ලෙසින් ප්‍රකටය. අයි.පී.එල්. තරග බිමේ ප්‍රභලම කණ්ඩායමක් ලෙසින් සැලකෙන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය මොවුන් දරණ අතර එය ඉන්දීයාවේ මෙන්ම දකුනු අප්‍රිකාවේ ආරම්භ කිරීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලීගයේද කණ්ඩායමක හිමිකාරීත්වය දරණු ලබයි.

එමෙන්ම අම්බානිට ඉන්දියාවේද පාපන්දු කණ්ඩායම හිමිකාරීත්වය ඇත. ඒ අනුව ක්‍රීඩා කණ්ඩායමක හිමිකාරීත්වය දරණ ලොව ධනවත්ම පුද්ගලයා ලෙස හැඳින්වෙන අම්බානිගේ මේවන විට වත්කම ඇ.ඩො. බිලියන 90කට අධික බව ගණන් බලා ඇත.