26.7 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportක්‍රීඩා ව්‍යාපෘති 13ක් අත්හැරීම නිසා කෝටි 33ක් වතුරේ

ක්‍රීඩා ව්‍යාපෘති 13ක් අත්හැරීම නිසා කෝටි 33ක් වතුරේ

ක්‍රීඩා සංවර්ධන ව්‍යාපෘති 13කට වැය කළ රුපියල් කෝටි 33කට ආසන්න මුදලක් අපතේ ගොස් ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ක්‍රීඩා සංවර්ධන ව්‍යාපෘති 13ක් සඳහා මෙම මුදල් වැය කර ඇති අතර එම ව්‍යාපෘති විවිධ හේතු මත නිම නොකර අතහැර දැමීම හේතුවෙන් මෙලෙස මුදල් අපතේ ගොස් ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

20121 වර්ෂයේ යෝජිත සහ පෙර වර්ෂවල සිට ඉදිරියට ගෙන ආ ව්‍යාපෘති 13ක ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් කෝටි එකසිය පහළොවක් වූ අතර පසුගිය වසරේ දෙසැම්බර් 31 වැනිදා වනවිට ඒවායේ වියදම රුපියල් කෝටි 32ක් වූ බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.