ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ කැන්ඩි රෝයල්ස් සමග පැවති තරගය ලකුණු 18කින් ජය ගැනීමට දඹුල්ල සික්සර්ස් කණ්ඩායම සමත්වුණා.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 06ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 205ක්.
දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් රීසා හෙන්ඩ්‍රික්ස් පන්දු 50කදී හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී විශිෂ්ට ලකුණු 87ක් රැස් කළා.
ඔහුට අනගි සහයක් දුන් ගුල්බදින් නායිබ් පන්දු 23කින් නොදැවී වේගවත් ලකුණු 46ක් ලබා ගත්තේ හයේ පහර 4ක් ද එල්ල කරමින්.
ජයග්‍රහණය සඳහා ලකුණු 206ක ඉලක්කයක් හඹා ගිය කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවි ලබාගැනීමට හැකි වූයේ ලකුණු 187ක් පමණයි.
මෙම තරගය කොළඹ එස්.එස්.සී ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.


