පේරු රාජ්‍යයේ කඳුකර ප්‍රදේශයක සිදුවූ භූකම්පන දෙකක ප්‍රතිඵලයක් ලෙස පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 21 දෙනෙකු තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පේරු සිවිල් ආරක්ෂක අංශය පවසන්නේ, ජුනින් (Junín) ප්‍රදේශයට අයත් චුපාකා (Chupaca) පළාතට බලපෑ මෙම භූකම්පන හේතුවෙන් ජීවිත හානි සහ තුවාල වාර්තා වූ බවයි.
වාර්තා අනුව, භූකම්පන දෙකේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 5.1ක් සහ 3.7ක් ලෙස සටහන් වී ඇත.
පේරු ජාතික භූකම්පන විද්‍යා මධ්‍යස්ථානය සඳහන් කරන්නේ, චුපාකා ප්‍රදේශය එරට අගනුවර වන ලීමා නගරයට කිලෝමීටර් 300ක් පමණ නැගෙනහිර දෙසින් පිහිටා ඇති බවයි.


