― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsගුරුවරුන් සේවයට බඳවා ගැනීමේදී නව ක්‍රමවේදයක්

ගුරුවරුන් සේවයට බඳවා ගැනීමේදී නව ක්‍රමවේදයක්

මින් ඉදිරියට ජාතික විශ්වවිද්‍යාලවලින් වසර 04ක උපාධියක් සහ ගුරු පුහුණුවක් ලබා ඇති අය පමණක් පාසල්වල ඉගැන්වීමට යොමු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (24) පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වූ අවස්ථාවේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

ගුරු සේවයට පුද්ගලයන් බඳවා ගැනීමේ ක්‍රම 2ක් පවතින අතර පසුගාමී ප්‍රදේශවල පවතින ගුරු හිඟය පියවා ගැනීම සඳහා ඩිප්ලෝමාධාරීන් වෙතද මෙහිදී අවධානය යොමු කර තිබේ.

මින්පසු විකල්ප ක්‍රමයකට ගුරු වෘත්තියට බඳවා ගැනීමට සැලසුම් කර ඇත.

අධ්‍යාපන විද්‍යා පීඨ 19ක් ඒකාබද්ධ කරමින් ජාතික අධ්‍යාපන විශ්වවිද්‍යාලය නිර්මාණය කෙරේ. ඔවුන් පාසල් පන්ති කාමරවලට යවන්නේ වසර 4ක උපාධිය සහ ගුරු පුහුණුව අවසන් කළ පසුවයි.

මෙම ක්‍රමවේදය හරහා කාර්යක්‍ෂම හා ඵලදායි ගුරුවරුන් බිහිකරන බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.