― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඕමාන එම්බසියේ කුෂාන්ට එරෙහිව ජාත්‍යන්තර රතු වරෙන්තු?

ඕමාන එම්බසියේ කුෂාන්ට එරෙහිව ජාත්‍යන්තර රතු වරෙන්තු?

ශ්‍රී ලාංකික කතුන් ඕමානයට රැගෙන ගොස් අතරමංව සිටියදී ලිංගික හිරිහැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලව සිටින ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම් ලෙස කටයුතු කළ වැඩ තහනමට වූ ඊ. කුෂාන් නැමැත්තාට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදනයක් ලබාගැනීමට කටයුතු කර ඇති බව වාර්තා වනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් අදාළ කටයුතු සිදුකරගෙන යන බව තොරතුරු වාර්තා වුණේ.

මෙම පුද්ගලයා ඕමානයේ සිට මෙරටට නොපැමිණ වෙනත් රටකට පළායාමේ වැඩි ඉඩක් පැවතීමේ හේතුවෙනුයි මෙලෙස ඔහුට එරෙහිව රතු නිවේදන ලබා ගැනීමට පියවර ගෙන ඇත්තේ.

මේ සදහා ජාත්‍යාන්තර පොලිස් ශාඛාව අවශ්‍ය ලියකියවිල ජාත්‍යාන්තර පොලිස් මූලස්ථානයට මේ වන විටත් යොමුකර ඇති බවයි වැඩි දුරටත් තොරතුරු වාර්තා වන්නේ.