33.9 C
Colombo
Sunday, April 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldචීන ජනාධිපතිට ගෙදර යන්න කියා රට පුරා උද්ඝෝෂණ

චීන ජනාධිපතිට ගෙදර යන්න කියා රට පුරා උද්ඝෝෂණ

විශ්ව විද්‍යාල සහ ශැන්හායි, බීජිං නගර ඇතුළු චීනය පුරා කොරෝනා තුරන් කිරීමේ දැඩි සෞඛ්‍ය නීති හේතුවෙන් චීන ජනාධිපති ෂි ජින්පින්ට සහ කොම්යුනිස්ට් පක්ෂයට බලයෙන් ඉවත් වන ලෙස බලකරමින් චීන ජාතිකයන් සියගණනක් විරෝධය ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ෂින්ජියැන්ග් පළාතේ නිවාස සංකීරණයක ඇති වූ ගින්නකින් 10 දෙනෙකු මියගොස් තවත් 9 දෙනකු මියයෑමේ සිද්ධිය මෙම විරෝධතා ආරම්භ වන්නට හේතු වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

චීනය කොවිඩ් රෝගීන් වාර්තා වන ප්‍රදේශ ලොක්ඩවුන් කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග හේතුවෙන් ගිනි නිවන භටයන්ට ගින්න නිවීමට පැමිණීමට ප්‍රමාද වී ඇතැයි සමාජ මාධ්‍යවල සැරිසරන වීඩියෝ දර්ශන අඟවයි.

කොරෝනා තුරන් කිරීමේ සෞඛ්‍ය නීතිවලට විරෝධය පළකර චීන නගර කිහිපයක සහ විශ්ව විද්‍යාලවල පසුගිය දෙදින චීන ජනයා මෙසේ දැඩි විරෝධය එල්ල කර ඇතැයි සමාජ මාධ්‍ය ජාලා වීඩියෝ දර්ශන සහ ඇසින් දුටු පුද්ගලයන්ගේ ගිණුම් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.