26.1 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන සංචිත ස්ථාවර මට්ටමකට පැමිණ තිබෙනවා - ඛනිජ තෙල් නීතිගත සංස්ථාව

ඉන්ධන සංචිත ස්ථාවර මට්ටමකට පැමිණ තිබෙනවා – ඛනිජ තෙල් නීතිගත සංස්ථාව

ආර්ථික අර්බුද හමුවේ වුවද මෙරට ඉන්ධන සංචිත ස්ථාවර මට්ටමකට පැමිණ ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

මේ වන විටත් රටේ මූලික අවශ්‍යතා සම්පූර්ණ කළ හැකි ඉන්ධන සංචිත ප්‍රමාණයක් පවතින බවත් අද දිනය වන විට ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 83,236ක්, සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 9955ක්, ඔක්ටෙන් 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 20,640ක් සහ ඔක්ටෙන් 95 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 18,354ක් සංචිත ලෙස පවතින බවත් ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 10,022ක් අද දිනය වන විට මෙරට සංචිත තුළ පවතින අතර තවත් ගුවන් යානා ඉන්ධන නෞකා කිහිපයක් සඳහා ඇණවුම් ලබා දී ඇති බවද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සදහන් කරයි.