26.7 C
Colombo
Thursday, April 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසංචාරකයින් රැගත් සුඛෝපභෝගි නෞකාවක් හම්බන්තොට වරායට

සංචාරකයින් රැගත් සුඛෝපභෝගි නෞකාවක් හම්බන්තොට වරායට

ඇමරිකානු සුඛෝපභෝගි අසමාරා ක්වෙස්ට් නෞකාව හම්බන්තොට වරාය වෙත ළඟා වී තිබේ.

ඇමරිකානු සංචාරකයින් 600ක් රැගත් මෙම අසමාරා ක්වෙස්ට් නෞකාව පෙරේදා (03) කොළඹ වරායට පැමිණියේය.

ඊයේ රාත්‍රී 8ට කොළඹ වරායෙන් පිටත්ව ගිය එම සංචාරකයන් අද යාල ජාතික වනෝද්‍යානය සහ හම්බන්තොට සංචාරක ස්ථාන කිහිපයක සංචාරය කිරීමට නියමිතව ඇත.

මෙම නෞකාව හම්බන්තොට වරායේ නැංගුරම්ලන දෙවන මගී ප්‍රවාහන නෞකාව වීම විශේෂත්වයකි.