25.6 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදෙසැම්බර් මුල් සතියේ සංචාරක පැමිණීම වාර්තාගත ලෙස ඉහළට

දෙසැම්බර් මුල් සතියේ සංචාරක පැමිණීම වාර්තාගත ලෙස ඉහළට

දෙසැම්බර් මුල් සතියේදී සංචාරකයන්ගේ පැමිණීම වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව දෙසැම්බර් මාසයේ මුල් සතියේදී සංචාරකයන් 16,169 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව ඔවුන්ගේ දත්ත වාර්තා පෙන්වා දෙයි.

දෙසැම්බර් මුල් සතියේ දෛනික සංචාරක පැමිණීම සාමාන්‍යයක් ලෙස 2300 කි. එය නොවැම්බර් මාසයේ දෛනික සංචාරක පැමිණීමේ සාමාන්‍ය අගය වූ 1900 හා සසදා බැලීමේ ඉහළ අගයකි.

දෙසැම්බර් මුල් සතිය අවසන් වන විට මෙම වසරේදී මෙරටට පැමිණ තිබෙන සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 644,168 කි.

දෙසැම්බර් මුල් සතියේ වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ රුසියාවෙනි.

දෙවන වැඩිම සංචාරකයන් පැමිණි රට වන්නේ ඉන්දියාවයි. තෙවන තැන එක්සත් රාජධානියට හිමිවන අතර සිව්වැනියට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඕස්ට්‍රේලියාවෙනි.