30 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැලේසියාවේ රැකියා දෙනවැයි කියා මුදල් ගැරූ කතක් අත්අඩංගුවට

මැලේසියාවේ රැකියා දෙනවැයි කියා මුදල් ගැරූ කතක් අත්අඩංගුවට

සංචාරක වීසා මඟින් මැලේසියාවේ රැකියා ලබාදීම සඳහා රුපියල් 5,015,000ක මුදලක් ලබා ගෙන සැඟව සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ගෙන තිබේ.

ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙසැම්බර් මස 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

තංගල්ල ප්‍රදේශයේ කාන්තාවකට මුදල් ගෙවා විදේශගත වීමට වීසා ගෙන්වා ගෙන ඇති අතර ඒ අනුව විමර්ශන නිලධාරීන් අදාළ කාන්තාව අත්අඩංගුවට ගැනීමට තංගල්ල ප්‍රදේශයේ ඇයගේ නිවසට ගියද ඒ වනවිටත් ඇය නිවසෙන් පළා ගොස් තිබුණි.

පසුව එම කාන්තාවගේ පුත්‍රයාට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට පැමිණෙන ලෙස දැනුම් දී ඇත. එහිදී අදාළ කාන්තාව සිය ස්වාමියා සමග පැමිණ කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තලංගම පොලිස් ස්ථානයේ රඳවා තබා පසුව මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ. පැමිණිලිකරුවන්ගෙන් ලබාගත් සියලුම මුදල් ගෙවන බවටද අදාළ කාන්තාව අධිකරණයේ දී පොරොන්දු වී ඇත.