26.1 C
Colombo
Tuesday, April 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසතොස භාණ්ඩ 05ක මිල පහතට

සතොස භාණ්ඩ 05ක මිල පහතට

ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 05ක මිල ගණන් අඩුකර තිබේ.

මෙය අද (14) සිට ක්‍රියාත්මක වන අතර ඒ අනුව පරිප්පු කිලෝවක් රුපියල් 4කින් පහළ දමා තිබේ. ඒ අනුව පරිප්පු කිලෝවක නව මිල රුපියල් 385කි.

පාන්පිටි කිලෝවක් රුපියල් 15කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල් 250කි.

මේ අතර සුදුළූණු කිලෝවක් රු 35කින් පහත දමා ඇති අතර නව මිල රුපියල් 460කි.

ලොකුලූණු කිලෝවක් රුපියල් 9කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු 190ක් වන අතර ලංකාවේ නිෂ්පාදිත ටින් මාළු රුපියල් 5කින් පහත දමා ඇත. එහි නව මිල රුපියල් 490කි.