25 C
Colombo
Wednesday, February 12, 2025

― political ―

අර්චුනාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලූ පෙත්සමට අධිකරණයෙන් ලැබුණු නියෝගය

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධුරය අවලංගු කරන ලෙස - අභියාචනාධිකරණයේ විරෝධතා ඉදිරිපත් කිරීමට කල් දෙයි අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් විසින් ගොනු කර...
HomeNewsHIV අධි අවදානම් කලාපවලට නොමිලේ කොන්ඩම්

HIV අධි අවදානම් කලාපවලට නොමිලේ කොන්ඩම්

නොවැම්බර් මාසයේ පමණක් HIV ආසාදිතයින් 90 දෙනෙකු හඳුනා ගත් බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකය පවසයි

එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි පැවසුවේ වසරේ මේ දක්වා කාලය තුළ HIV ආසාදිතයින් 568 දෙනෙකු හඳුනා ගෙන ඇති බවයි.

මේ වනවිට වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති අතර කොළඹ, අනුරාධපුර, පොළොන්නරුව, මහනුවර ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකින් ද ආසාදිතයින් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව ඇය පැවසුවාය.

HIV පරීක්ෂා කිරීමේ ස්වයං පරීක්ෂණ කට්ටල හඳුන්වා දීමත් සමඟ ආසාදිතයින් හඳුනා ගැනීම ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම ආසාදිතයින් වාර්තා වීමේ අධි අවදානම් ප්‍රදේශවලද රෝග පාලනය සඳහා මේ වනවිට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකය.

ඒ අනුව අනාරක්ෂිත ලිංගික හැසිරීම් අධිඅවදානම් කණ්ඩායම් සිටින ප්‍රදේශවලදී නොමිලේ කොන්ඩම් ලබා ගත හැකි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර තිබේ. ඇය සඳහන් කළේ, කොළඹ කොටුව, ගල්කිස්ස, නුගේගොඩ දුම්රිය ස්ථාන ආශ්‍රිතව මෙම මෙවලම් සවි කර ඇති බවයි.
අදාළ ප්‍රදේශවල සවි කර ඇති කොන්ඩම් දැමිය හැකි මෙවලම තුළට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගොස් කොන්ඩම් දැමූ පසු ඕනෑම අයෙකුට ඉන් කොණ්ඩම් ලබා ගත හැකි බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරිය පැවසුවාය.