― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඇෆ්ගනිස්ථාන කාන්තාවන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය තහනම්

ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය තහනම්

ඇෆ්ගනිස්ථාන ශිෂ්‍යාවන්ට නැවත දැණුම් දෙනතුරු එරට විශ්ව විද්‍යාලවලට ප්‍රවේශ වීමට ඉඩ නොදෙන බව ඇෆ්ගනිස්ථාන උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ (20) ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කාන්තාවන්ගේ අධ්‍යාපන අයිතිය සම්බන්ධයෙන් තලේබාන් සංවිධානය විසින් පනවා ඇති අලුත්ම තහංචි ජාත්‍යන්තර ප්‍රජාව තුළ කනස්සල්ලට හේතු විය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේනමුත් කැබිනට් තීරණයකට අනුව ශිෂ්‍යාවන් සඳහා ප්‍රවේශය වහාම අත්හිටුවන ලෙස ඇෆ්ගන් රාජ්‍ය සහ පෞද්ගලික විශ්වවිද්‍යාලවලට උපදෙස් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.