26.7 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහෙට සිට මිල අඩු බිත්තර ගන්න පුලුවන් තැන්

හෙට සිට මිල අඩු බිත්තර ගන්න පුලුවන් තැන්

කොළඹ හා ගම්පහ ස්ථාන 20ක දී රුපියල් 55 ට බිත්තර හෙට සිට (28)   අලෙවි කිරීමට පියවර ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගම් කිහිපයක් සමග සාකච්ඡාවකින් පසු බිත්තරයක් රුපියල් 55ක් වශයෙන් අලෙවි කිරීමට එම සංගම් අමාත්‍යවරයාට එකඟත්වය පළ කළේය.

ඒ අනුව කොළඹ දුම්රිය ස්ථානය, දෙමටගොඩ, කොම්පඤ්ඤ වීදිය, දෙහිවල, බත්තරමුල්ල, නුගේගොඩ, මහරගම , මීගොඩ හා නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථාන, ජාතික රූපවාහිනී සංස්ථාව අසල මංසන්ධිය සහ හෝමාගම දී මෙම බිත්තර අලෙවි කෙරේ.එමෙන්ම වත්තල, ජාඇල, රාගම හා මීගමුව, කිරිබත්ගොඩ, කඩවත, පෑලියගොඩ වැනි නගරවල ද බිත්තර අලෙවි කිරීම සඳහා ලොරි රථ තැබීමට බිත්තර නිෂ්පාදකයින්ගේ සංගම් තීරණය කර ඇත.