― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජය බහාලුම් පර්යන්තය පුළුල් කෙරේ

ජය බහාලුම් පර්යන්තය පුළුල් කෙරේ

ජය බහාලූම් පර්යන්තය දිගින් මීටර් 1380ක් දක්වා පුළුල් කෙරෙන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ජය බහාලූම් පර්යන්තයට අමතර බහාලුම් මිලියනයක් හැසිරවිය හැකි වන අතර මෙම ව්‍යාප්තිය නිසා මීටර් 360ක් දිග යාත්‍රා දෙකක් එකවර නැංගුරම් ලෑමට හැකියාව උදාවනු ඇත.

ජය බහාලූම් පර්යන්තය දැනට මීටර් 1,260 ක් දිගකින් යුක්ත වන අතර එහි බහාලුම් මිලියන 2 ක් පමණ මෙහෙයවනු ලබයි.

නැගෙනහිර බහාලුම් පර්යන්තය සහ ජය බහාලූම් පර්යන්තය නිමවීමෙන් පසු ඉදිරි වසර පහ තුළ කොළඹ වරාය දකුණු ආසියාවේ සුවිශේෂී වරායක් බවට පත් වනු ඇති බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

මේ අතර කොළඹ වරායේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ජය බහාලූම් පර්යන්තය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය කඩිනම් කරන ලෙස බලධාරීන්ට උපදෙස් දුන්නේය.

පුළුල් කිරීමේ ව්‍යාපෘතිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් අරමුදල් සපයනු ලැබේ.