24.5 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකා රුපියල් ලොව මස්තබාල්දුම මුදල් ඒකක අතරින් 04 වැනි තැනට

ශ්‍රී ලංකා රුපියල් ලොව මස්තබාල්දුම මුදල් ඒකක අතරින් 04 වැනි තැනට

ලොව අවප්‍රමාණය වූ මුදල් ඒකක අතරින් 04 වැනි ස්ථානයට ශ්‍රී ලංකා රුපියල් පත්ව තිබේ.

ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට සෘණ 49.17කින් පමණ අවප්‍රමාණය වී ඇති බවයි ඇමෙරිකාවේ ජොන්ස් හොප්කිංස් විශ්වද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ ස්ටීව් හැංකී පෙන්වා දෙන්නේ.

ලොව අවප්‍රමාණය වී ඇති මුදල් ඒකක අතරින් පළමු ස්ථානයට පත්ව ඇත්තේ සිම්බාබ්වේ ඩොලරය වන අතර එම අගය සියයට සෘණ 77.78කි.

පිළිවෙලින් දෙවැනි හා තුන්වැනි ස්ථානයේ පසුවන්නේ වෙනිසියුලා බොලිවියර් හා කියුබානු පේසෝ මුදල් ඒ්කකයි.