හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඩුබායි ගුවන්තොටුපොළේදී විශාල අකරතැබ්බයකට මුහුණ දීමට සිදුව ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
ගෝඨාභය විසින් ඩුබායි ගුවන්තොටුපොළේ විශේෂ ප්‍රභූ පර්යන්තය නොමිලේ භාවිතා කිරීමට ඉල්ලා තිබුණද එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට ඩුබායි බලධාරීන් පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී ගුවන්තොට බලධාරීන් දැනුම් දී ඇත්තේ ඊට අදාළ මුදල ගෝඨාභය රාජපක්ෂ විසින් ගෙවිය යුතු බවකි. ඒ අනුව ශ්‍රී ලංකා මුදලින් රුපියල් 260,000ක් ගෙවන ලෙස ගුවන්තොට බලධාරීන් විසින් දැනුම් දී ඇති බව වාර්තා වේ.
#mawratanews


