25.6 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද දුම්රිය ගමන්වාර 60කට වැඩියෙන් අවලංගුයි

අද දුම්රිය ගමන්වාර 60කට වැඩියෙන් අවලංගුයි

අද (02) උදෑසන ධාවනය වීමට නියමිතව තිබූ කාර්යාල දුම්රිය 09ක් අවලංගු කර තිබෙනවා.

මේ අතර සේවක හිඟය හේතුවෙන් අද (02) දිනය තුළ දුම්රිය ගමන්වාර 60කට වැඩි සංඛ්‍යාවක් අවලංගු විය හැකි බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පැවසුවා.

500කට ආසන්න දුම්රිය සේවකයින් පිරිසක් විශ්‍රාම ගැන්වීමත් සමඟ ඇති වූ සේවක පුරප්පාඩුව හේතුවෙන් ඊයේ (01) දිනයේදීද ගමන්වාර 30ක් අවලංගු කිරීමට සිදුව තිබෙනවා.

මේ අතර විශ්‍රාම ගිය සේවකයින්ට යළි කොන්ත්‍රාත් පදනම මත සේවයට වාර්තා කරන්නැයි දන්වා ජනාධිපති ලේකම්වරයා ඊයේ උපදෙස් ලබා දුන්නා.