25 C
Colombo
Monday, June 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋපාධිය හැදෑරීමට දුන් කෝටියක් අපතේ යයි

උපාධිය හැදෑරීමට දුන් කෝටියක් අපතේ යයි

ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවකට අනුව ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලනය රජයේ නිලධාරීන් ඇතුළු 147 දෙනෙකුට පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සඳහා ලබාදුන් රුපියල් එක්කෝටි විසිහය ලක්ෂයකට වැඩි මුදලක් අය කර ගෙන නැති බව අනාවරණය වී තිබේ.

එම වාර්තාවට අනුව අයදුම්කරුවන් අධ්‍යාපනය සම්පූර්ණ නොකරම නවත්වන බැවින් මෙම මුදල අයකර ගැනීම ගැටළු සහගත වී ඇත.

මේ අතර විගණන කාර්යාලය පැවසුවේ, 2015 ජූලි සිට 2020 දෙසැම්බර් 31 දක්වා දේශන වේලාවන් සම්පූර්ණ නොකළ මහාචාර්යවරුන්ගෙන් රුපියල් කෝටියක පමණ මුදලක් අයකර නොගත් බවයි.