― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportඅල් නසාර් සමඟ එක් වූ රොනාල්ඩෝ අරාබියට යයි

අල් නසාර් සමඟ එක් වූ රොනාල්ඩෝ අරාබියට යයි

පසුගියදා සෞදි අරාබියේ අල් නසාර් පාපන්දු සමාජය සමඟ ගිවිසුම් ගත වූ පෘතුගාල සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සෞදි අරාබිය වෙත පැමිණ තිබෙනවා.

යුරෝ මිලියන 200 (ඩොලර් මිලියන 213) කට වඩා ඇස්තමේන්තුගත ගිවිසුම් ගතවීමෙන් පසු 37 හැවිරිදි රොනාල්ඩෝ ඊයේ (02) රාත්‍රියේ සෞදි අරාබියේ අගනුවර වන රියාද් වෙත පැමිණි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රියාද්හි කිං කාලිඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ උණුසුම් අයුරින් පිළිගැනීමට අල් නසාර් ක්‍රීඩා බලධාරී කටයුතු කර තිබුණා.

මේ අතර සෞදියට පැමිණි රොනාල්ඩෝ අද දිනයේ අල් නසාර් සමාජ ශාලාවේ පැවැත්වෙන විශේෂ පිළිගැනීමේ උත්සවයකට සහභාගී වීමට නියමිතයි. 09 වතාවක් සෞදි ලීග් ශූරයන් වූ අල් නසාර් ක්‍රීඩා සමාජය ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමඟ ගිවිසුම් ගතවීම ඉතිහාසගත සිදුවීමක් බවයි බොහෝ දෙනෙකු පවසන්නේ.

Ballon d’Or සම්මානය පස් වතාවක් දිනාගත් රොනාල්ඩෝ සිය පවුලේ සාමාජිකයින් සහ ආරක්ෂක පිරිවර සමඟ නගරයේ සුඛෝපභෝගී හෝටලයක නවාතැන් ගෙන සිටින බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

චැම්පියන්ස් ලීග් ශූරතා පහක් දිනාගැනීමට සිය දායකත්වය සපයා ඇති රොනාල්ඩෝ ඉතාලියේ ජුවෙන්ටස්, ස්පාඤ්ඤයේ රියල් මැඩ්රිඩ්, එංගලන්තයේදී යුනයිටඩ් වැනි කණ්ඩායම් සමඟ එක්ව ලීග් ශූරතා දිනා තිබෙනවා.