32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsගෝඨාට සදහටම අමෙරිකාවේ දොර වැසෙන බව ජූලි චන්ග් ගෙදරටම ඇවිත් කියයි

ගෝඨාට සදහටම අමෙරිකාවේ දොර වැසෙන බව ජූලි චන්ග් ගෙදරටම ඇවිත් කියයි

කොතෙක් උත්සාහ දැරූවද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හට අමෙරිකාවට ඇතුලුවීම සදහා වීසා ලබා නොදෙනු ඇති බවත් ඒ හේතුවෙන් තවදුරටත් ඊට උත්සාහ නොකරන ලෙසත් අමෙරිකානු තානාපතිනිය විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හට දැනුම් දීමට පියවර ගෙන ඇත.

ඒ ගෝඨාභය රාජපක්ෂ වාසය කරන නිල ‌නිවෙසටම ගොස් වීම විශේෂත්වයකි. පසුගිය දිනෙක ගෝඨාභය රාජපක්ෂගේ නිවෙසට ගොස් අමෙරිකානු තානාපතිනිය විසින් මෙම පණිවුඩය ලබා දෙන මොහොතේ හිටපු ජනාධිපතිවරයාගේ පුතා වන මනෝජ් රාජපක්ෂ ඇතුළු පවුලේ සියලු දෙනා සිට ඇති බවද දැනගන්නට ඇත.

මෙම පණිවුඩයෙන් ඔවුන් සියලු දෙනා වික්ෂිප්තභාවයට පත්ව ඇති බවද වාර්තා වේ. හිටපු ජනාධිපතිවරයා සහ පවුලේ ඥාතීන් ඩුබායි සංචාරයකට එක්ව ඇත්තේ ඉන්පසුව බවද දැනගන්නට තිබේ.

2019 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සදහා ගෝඨාභය රාජපක්ෂ සිය අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට පියවර ගෙන තිබිණ. ඉකුත් ජුලි මාසයේ රටින් පලා යාමෙන් පසු ගෝඪාභය රාජපක්ෂ අවස්ථා ගණනාවකදීම අමෙරිකාවට යාමට වීසා ඉල්ලුම් කර තිබුණත් ඒ සෑම අවස්ථාවකදීම එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට අමෙරිකාව පියවර ගෙන තිබිණ.

#mawratanews