28 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඇමරිකානු කතානායක ධුරය කෙවින් මැකාතිට

ඇමරිකානු කතානායක ධුරය කෙවින් මැකාතිට

ඇමෙරිකානු කොංග්‍රසයේ (පාර්ලිමේන්තුවේ) නියෝජිත මන්ත්‍රි මණ්ඩල කතානායකයා ලෙස රිපබ්ලිකන් කොංග්‍රස්සභික කෙවින් මැකාතී තෝරා පත් කර ගැණුනි.

කෙවින් මැකාතී, කතානායක ධුරයට පත්වූයේ ඡන්ද වට 15 ක් පැවැත්වීමෙන් පසුව වීම විශේෂත්වයකි.

ඇමෙරිකානු ඉතිහාසයේ පළමු වටයේ ඡන්ද විමසුමකින් කතානායකවරයකු තෝරා පත් කර ගැනීමට නොහැකි වුණු පළමු අවස්ථාව මෙය වේ.

කෙසේ නමුත් ඊයේ (6) අවසාන ඡන්ද විමසුමේ දී කෙවින් මැකාතීට ඡන්ද 216 ක් හිමිවුණු අතර, ප්‍රතිවාදියා වූ ඩිමොක්‍රටික් අපේක්ෂක හකීම් ජෙෆ්රීස්ට හිමිවූයේ ඡන්ද 212 කි.

නව කතානායකවරයා තෝරා පත් කර ගැනීමෙන් පසු 2023-2024 සඳහා නීති සම්පාදකයන් තෝරා ගැනීම සිදු කෙරනු ඇත.