28.7 C
Colombo
Friday, May 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldදසුන් ට හිමිවිය යුතු වටිනාකම ගැන ඉන්දීය සුපිරි පිතිකරුගෙන් ප්‍රකාශයක්

දසුන් ට හිමිවිය යුතු වටිනාකම ගැන ඉන්දීය සුපිරි පිතිකරුගෙන් ප්‍රකාශයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ශ්‍රී ලංකාවේ ඉන්දීය තරග සංචාරයට පසුව පැවතියේ නම් දසුන් ශානක අධික මිලකට IPL කණ්ඩායම් විසින් මිලදී ගනු ඇතැයි හිටපු ඉන්දීය පිතිකරු ගෞතම් ගාම්භීර් විශ්වාසය පළ කරනවා.

ස්ටාර් ස්පෝට්ස් නාලිකාව වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ නිමාවු ශ්‍රී ලංකා ඉන්දියා දෙවන 20යි 20 තරගයේ දී ශ්‍රී ලංකා නායක දසුන් ශානකගේ පිතිකරණ විලාශය සැලකීමේදී ඔහු ඉහළ වටිනාකමක් හිමි විය යුතු ක්‍රීඩකයෙකු බවට පෙනී ගිය බවයි.

පසුගියදා පැවති අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියේ දී ඉන්දීය රුපියල් ලක්ෂ 50ක මූලික මුදලකට දසුන් ශානක වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබුණ ද දසුන් ශානක කිසිදු කණ්ඩායමක් විසින් මිලදී ගත්තේ නැහැ.