27.2 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldචීනයේ රිය අනතුරකින් 19ක් මරුට

චීනයේ රිය අනතුරකින් 19ක් මරුට

චීනයේ අද අලුයම සිදු වූ දරුණු රිය අනතුරක් හේතුවෙන් 19ක් මියගොස් තවත් 22ක් තුවාල ලබා ඇතැයි චීන මාධ්‍ය වාර්තා කර ඇත.

එරට වේලාවෙන් අලුයම 1 ට පමණ ජියැන්ග්ෂි පළාතේ නන්චාන්ග් නගරයේදී මෙම රිය අනතුර සිදුව තිබේ.

අනතුරට හේතුව සෙවීම සඳහා විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් රිය අනතුර සිදුවන අවස්ථාවේ අධික මීදුමක් එම ප්‍රදේශයේ තිබී ඇති බවත් නන්චාන්ග් පොලිසිය පවසා ඇත.

අවමංගල්‍ය උත්සවයක් සඳහා සහභාගී වීමට පිටත්ව යාමට පැමිණි පිරිසක් චීනයේ සිරිත් විරිත් වලට අනුව මළවුන් වෙනුවෙන් පුජාවක්  අනතුර සිදු වූ ස්ථානයේ සිට පවත්වා ඇති අතර ට්‍රක් රථයක් එහි ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති බව චීන ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර තිබේ.

මියගිය සහ තුවාල ලැබූ බොහෝ දෙනා එම අවමංගල්‍ය උත්සවය සඳහා සහභාගී වීමට යෑමට පැමිණි පුද්ගලයන් බව එම මාධ්‍ය පෙන්වා දී ඇත.

මාර්ග අනතුර පිළිබඳ තොරතුරෙන් පසු නන්චැං ප්‍රාන්ත රථවාහන පොලිසිය රියදුරන්ට උපදෙස් දී ඇත්තේ ප්‍රදේශයේ මීදුම පවතින බවින් සැලකිලිමත් වන ලෙසටයි.