25.6 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඅක්‍රිය වූ චන්ද්‍රිකාවක් දශක 4 කට පසු පෘථිවියට කඩා වැටේ

අක්‍රිය වූ චන්ද්‍රිකාවක් දශක 4 කට පසු පෘථිවියට කඩා වැටේ

ඇමෙරිකාවේ නාසා ආයතනයට අයත්, අක්‍රිය වූ චන්ද්‍රිකාවක් දශක 4 කට පසු පෘථිවියට කඩා වැටීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙලෙස කඩා වැටීමට නියමිත ඇත්තේ පෘථිවියේ විකිරණ පරීක්ෂා කිරීමට 1984 වසරේ අභ්‍යවකාශයට යැවූ චන්ද්‍රිකාවකි.

කිලෝ ග්‍රෑම් 2,450 ක් බර මෙම චන්ද්‍රිකාව වායුගෝලයට ඇතුළු වී පහළට එද්දි ගිනි ගෙන දැවී කැබැලි වනු ඇතැයි ද නාසා ආයතනය නිකුත් කළ එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වී ඇත.

එය කඩා වැටීමෙන් අනතුරක් සිදුවීමට ඇති ඉඩකඩ ඉතා අවම බවත් නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.