― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsගම්වාසීන්ට කරදරයක් වූ රිළා රංචුව

ගම්වාසීන්ට කරදරයක් වූ රිළා රංචුව

රිළවුන්ගෙන් තමන්ට එල්ලවන කරදර දැඩි සේ ඉහළ ගොස් ඇති බව පවසා පලාගල, මාරසිංහ හල්මිල්ලවැව ගම්මානයේ කාන්තාවන් පිරිසක් අද (10) දහවල් ගල්කිරියාගම වනසත්ව අඩවි කාර්යාලයට පැමිණ ඊට සහනයක් ඉල්ලා සිටියා.

කාන්තාවන් පැවසුවේ මේ රිළා රංචුව නිසා ඔවුන්ගේ දෛනික කටයුතු වලට මෙන්ම වගා කටයුතු වලටද බාධා ඇති වි ඇති බවයි.

ගම්වාසීන්ගේ බෝග වගාවන් හා ගෙවතු වගාවන් දැඩි සේ විනාශ කිරීමට පෙළඹී ඇති මෙම රිළා රංචුව ගම්මානයේ නිවෙස් වෙත ද ඇතුළු වී ආහාර පාන, බෙහෙත් වර්ග, පාසැල් දරුවන්ගේ ඇදුම් පැළදුම් හා පාසැල් උපකරණ ආදියත් මිලමුදලුත් සොරකම් කරගෙන යාමටත් විනාශ කිරීමටත්
පෙළඹි සිටින බවත් දන්වා සිටියා.

තවද නිවෙස් තුළට පැමිණෙන ඇතැම් රිළවුන් නිවැසියන්ව සපා කෑමට උත්සහ දරන බවත් එමනිසා තම නිවෙස්වල සිටින වයෝවෘධ පිරිස්, දරුවන් මෙන්ම රෝගීන්ද දැඩි ජීවිත තර්ජනයකටද ලක්ව ඇති බවත් ඔවුන් වැඩි දුරටත් කියා සිටියා.

දැඩි ආර්ථීක අර්බුදයක් මැද දිවි ගැටගසා ගන්නා තමන්ට මෙම රිළා රංචුවෙන් එල්ලවන පීඩාවන් දරා ගත නොහැකි බවත් කඩිනම් සහනයක් ලබා දෙන ලෙසත් වනජීවී නිලධාරීන්ගෙන් හා බලධාරීන්ගෙන් ඔවුන් ඉල්ලා සිටිනවා.

ගම්වැසියන් වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට සිය ගැටලුව සම්බන්ධයෙන් වූ මහජන පෙත්සමක් ද භාරදීමට කටයුතු කළ අතර වනජීවී නිළධාරීන් පැවැසූයේ පවතින නෛතික ප්‍රතිපාදන හා උසස් නිළධාරීන්ගේ උපදෙස් අනුව ගැටලුව සම්බන්ධයෙන් කඩිනමින් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.