― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsවිදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නොසන්සුන්තාව සමනය කෙරේ

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නොසන්සුන්තාව සමනය කෙරේ

වාර්ෂික බෝනස් මුදල් ගෙවීම ප්‍රමාද වීම හේතුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අද දහවල් නොසන්සුන්තාවක් මේවන විට යම්තාක් දුරකට සමනය කර තිබෙනවා.

කොරියාව ප්‍රමුඛ රටවල විදෙස් රැකියා අපේක්ෂාවෙන් පසුවන පිරිසගේ විදෙස්ගත කිරීමේ කටයුතු අඩාළ කළ නොහැකි බැවින් සේවක පිරිසගේ අවබෝධය තුළ තාවකාලිකව තත්ත්වය සමනය කර ගත් බවයි අමාත්‍ය මනුෂ නානායක්කාර සඳහන් කළේ.

සේවකයන්ගේ ඉල්ලීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කර කඩිනමින් තීරණයක් ගන්නා බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

අද දහවල් සේවකයන් විසින් එම කාර්යාංශයේ සාමාන්‍යාධිකාරීවරයා කාර්යාල අඩස්සියට ගැනීම හේතුවෙන් මෙම නොසන්සුන්තාවය ඇතිවුණා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙම සේවකයන්ට බෝනස් ලැබිය යුතු අතර ආයතනය ලාබ ද ලබාගෙන වාර්ෂික ඉලක්ක ද සම්පූර්ණ කර ඇති බවයි.

ලාභ නොලබන රජයෙන් නඩත්තු වන ඇතැම් ආයතන ද බෝනස් මුදල් ලබාදී තිබියදී තමන්ට අසමාන ලෙසට සැලකීම සම්බන්ධයෙන් සේවකයන් අතර උණුසුම්කාරී තත්වයක් ඇතිවූ බව අමාත්‍ය මනුෂ නානායක්කාර ප්‍රකාශ කළා.

මෙම ගැටලුව සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කර විසඳා ගැනීමට බලාපොරොත්තුවන බවයි ඔහු වැඩිදුරටත් කියාසිටියේ.