― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeWorldජෝ බයිඩන්ට එරෙහිව විමර්ශනයක්

ජෝ බයිඩන්ට එරෙහිව විමර්ශනයක්

ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ට එරෙහිව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ ඔහුට අයත් කාර්යාලයක තිබී රහස් ලියවිලි හමුවීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

ඇමෙරිකානු මාධ්‍ය මීට දින කීපයකට පෙර අනාවරණය කළේ බයිඩන්ට අයත් කාර්යාලයකින් රහස් ලියවිලි කීපයක් හමුවුණු බවයි. ධවල මන්දිරය මෙන්ම බයිඩන්ගේ නීතීඥයන් පවා ඒ බව තහවුරු කළේය.

නීතිපති මෙරික් ගාලන්ඩ්ගේ උපදෙස් අනුව විමර්ශනය ආරම්භ කර ඇති අතර ස්වාධීන නීතීඥවරයකු වන රොබට් හර් විමර්ශන කටයුතු මෙහෙයවීමට පත් කර තිබේ.

ඇමෙරිකන් මාධ්‍ය අද (13) අනාවරණය කළේ බයිඩන්ගේ ඩෙලවෙයාර් නිවසේ ගරාජයෙන්ද තවත් රහස් ලියවිලි තිබී හමුවුණු බවය. බයිඩන් නිවසේ විවේකීයව සිටිද්දී, වැඩිපුර කාලය ගත කරන්නේ ගරාජයේ යැයිද පැවසෙයි.

රහස් ලියවිලි සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බව බයිඩන් පවසා තිබේ. එසේ වුවත් නීතිපතිවරයාගේ අධීක්ෂණය යටතේ සිදුවන විමර්ශනයට පූර්ණ සහාය ලබා දෙන බව ද බයිඩන් පැහැදිලි කර තිබේ.

බයිඩන් සන්තකයේ රහස් ලියවිලි තිබීම සම්බන්ධයෙන් වහා විමර්ශනයක් ආරම්භ කළ යුතු බව ප්‍රතිවාදී රිපබ්ලිකන්වරුන්ද පවසා තිබේ.

(රොයිටර්ස්)