චීන නව වසර එළඹීමත් සමඟ එරට කොරෝනා ආසාදිතයන්ගේ වැඩිවීමක් අපේක්ෂා කරන බව එරට ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥයෙකු වන සෙන් ග් ස්ටෑන් පවසනවා.
මේ වන විට චීනයේ ප්‍රධාන නගර ආශ්රිත රෝහල් රැසක් කොරෝනා රෝගින්ගෙන් පිරි ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ලබන 21 වන දා සිට චීන නව වසර උදාවන අතර එහිදී ලෝකය පුරා සිටින චීන ජාතිකයින් සිය රටට පැමිණීම සිදුවනවා.
ඒ සමඟ චීනයේ නගර ආශ්‍රිතව මේ වන විට වැඩි ව්‍යාප්තියක් සහිත කොරෝනා වසංගතය ග්‍රාමීය ප්‍රදේශ වලට ද පැතිර යනු ඇති බවටයි චීනයේ ප්‍රධාන
වසංගත රෝග විද්‍යාඥයා ප්‍රකාශ කර තිබේ.