31.1 C
Colombo
Tuesday, May 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට තෙල් බහුල ස්ථාන 900ක් සොයා මෙහෙයුම්

මෙරට තෙල් බහුල ස්ථාන 900ක් සොයා මෙහෙයුම්

ශ්‍රී ලංකාවේ වෙරළබඩ කලාපයේ තෙල් සහ ගෑස් ගවේෂණ කටයුතුවලට ආයෝජන සඳහා අවශ්‍ය කරන නීතිමය රාමුව අවසන් කොට ඊට අදාළ රෙගුලාසිවලට අත්සන් තැබූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ට්විටර් සටහනක් තබමිනි.

එම සටහනේ වැඩිදුරටත් දැක්වෙන්නේ රට පුරා විහිදුණු මුහුදු තීරයේ හඳුනාගෙන ඇති ස්ථාන 900ක මෙම ගවේෂණ කටයුතු දියත් කිරීමට ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය (PDASL) බලාපොරොත්තු වන බවයි.