― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsමෙරට විරැකියා අනුපාතය ඉහළට - ශ්‍රී ලංකා මහ බැංකුව

මෙරට විරැකියා අනුපාතය ඉහළට – ශ්‍රී ලංකා මහ බැංකුව

මෙරට විරැකියා අනුපාතය ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහබැංකුව පවසයි.

එහි නවතම දත්ත වාර්තා පෙන්වා දෙන්නේ රටේ විරැකියා අනුපාතය, 2022 තුන්වන කාර්තුවේ දී 5% දක්වා ඉහළ ගොස් ඇති බවයි.

2022 වසරේ දෙවන කාර්තුව වනවිට විරැකියා අනුපාතය පැවතියේ 4.6% ක් වශයෙන් පැවති අතර කර්මාන්ත අංශයේ සේවා නියුක්තිය 2022 දෙවන කාර්තුවේ දී 27.7% ක ප්‍රතිශටයක් ගෙන තිබේ. එය 2022 තුන්වන කාර්තුව වන විට 25.9% දක්වා පහත වැටී තිබේ.

සේවා අංශයේ රැකියා නියුක්තිය 46.3% සිට 47.2% දක්වා ඉහළ ගොස් ඇති අතර කෘෂිකාර්මික අංශයේ රැකියා නියුක්තිය 26% සිට 26.9% දක්වා ඉහළ ගොස් තිබේ.

ශ්‍රම බලකායේ සහභාගීත්වය 2022 වසරේ දෙවන කාර්තාවේ 50.1% ක් ලෙස පැවති අතර එය 2022 තුන්වන කාර්තුවේ දී 49% දක්වා පහත වැටී ඇති බවයි මහබැංකු දත්ත වාර්තා පෙන්වා දෙන්නේ.