වනජීවී දෙපාර්තමේන්තුව පසුගිය වසරේදී දඩ මුදල් මගින් පමණක් රුපියල් ලක්ෂ 70ක ආදායමක් ලබා ඇති බව වාර්තා වෙයි.
මෙම ආදායම උපයා ඇත්තේ වනාන්තරවලට සහ වනජීවීන්ට සිදුකරන හානි සඳහා කළ නඩු පැවරීම්වලින් පනවන ලද දඩ මුදල්වලින් වීම විශේෂත්වයකි.
එමෙන්ම පසුගිය වසරේදී වනජීවී දෙපාර්තමේන්තුව උපයා ඇති මුළු ආදායම රුපියල් මිලියන 1,421ක් ලෙසයි සටහන් වන්නේ.