27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපෙම් හුටපටය දුරදිග ගොස් පොලිස් කොස්තාපල් රෝහලේ

පෙම් හුටපටය දුරදිග ගොස් පොලිස් කොස්තාපල් රෝහලේ

ගල්කිස්ස කොට්ඨාසය යටතේ පාලන වන පොලිස් ස්ථානයක රාජකාරියේ නියුතු පොලිස් කොස්තාපල්වරියක් පොලිස් ස්ථානය තුළදී ම කිසියම් දියර වර්ගයක් පානය කිරීමෙන් රෝගාතුරව කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා.

අදාළ පොලිස් කොස්තාපල්වරිය එම පොලිස් ස්ථානයේම රාජකාරියේ නියුතු පොලිස් කොස්තාපල්වරයකු සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

කොස්තාපල්වරිය සමඟ එම ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගිය බව කියන පොලිස් කොස්තාපල්වරයා ඔහු සමඟ රාජකාරී කරන තවත් පොලිස් නිලධාරියකු සමඟ විහිළු තහළු කරගෙන ඇති බවයි දැනගන්නට ලැබුනේ.

එම අවස්ථාවේදී එයට පොලිස් කොස්තාපල්වරිය ද සම්බන්ධ වීමෙන් පසු, එම කොස්තාපල්වරිය සහ ඔහුගේ පෙම්වතා බව කියන කොස්තාපල්වරයා අතර බහින්බස් වීමක් සිදුව තිබෙනවා.

මෙම බහින්බස් වීමෙන් පසු සිත් තැවුලට පත් අදාළ කොස්තාපල්වරිය යම් දියර වර්ගයක් පානය කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුව රෝගාතුර වූ ඇය කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.