― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeWorldවසර 60කට පසු චීනයේ ජනගහනය අඩුවෙයි

වසර 60කට පසු චීනයේ ජනගහනය අඩුවෙයි

වසර 60 කට පසු චීනයේ ජනගහනය පළමු වරට පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව චීනයේ ජාතික උපත් අනුපාතය පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ. 1961 න් පසු පළමු වරට චීනයේ ජනගහනය 2022දී පහත වැටීම විශේෂත්වයකි.

චීන සංඛ්‍යාලේඛන අනුව 2021 දී චීනයේ ජනගහනය බිලියන 1.41260ක් වී ඇති අතර එම අගය 2022 අවසන් වන විට බිලියන 1.41178ක් බවට පත් වී තිබේ.

2021 දී චීනයේ උපත් අනුපාතය පුද්ගලයන් 1000 කට 7.52 ක් වූ අතර දැන් එය 2022 දී 6.77 දක්වා අඩු වී ඇත. එමෙන්ම මරණ අනුපාතය උපත් අනුපාතයට වඩා වැඩි වී ඇති අතර පසුගිය වසරේ මරණ අනුපාතය 7.18 කි.

2016දී චීන රජය ‘එක් දරු ප්‍රතිපත්තියක්’ ලිහිල් කරමින් දරුවන් තිදෙනෙක් සෑදීම සඳහා අවසර ලබාදීමටද පියවර ගත්තේය.

කෙසේ වෙතත් මෑත වසරවලදී චීනයේ උපත් අනුපාතය වාර්තාගත අවම මට්ටමකට වැටී ඇත. මෙම ප්‍රවණතාවය දිගටම පැවතුනහොත් 2035 වන විට චීනයේ වයෝවෘද්ධ පුද්ගලයින් වැඩි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

දැනට චීනයේ ජනගහනයෙන් සියයට 30කට වැඩි ප්‍රමාණයක් වයස අවුරුදු 60 ඉක්මවූ අයවන අතර එහි ප්‍රතිඵලයක් ලෙස චීනයේ පළාත් උපත් අනුපාතය ඉහළ නැංවීම සඳහා විවිධ වැඩසටහන් සහ දිරිගැන්වීම් ප්‍රකාශයට පත් කර තිබේ.

චීනය පමණක් නොව කොරියාව, ජපානය වැනි රටවලද ජනගහන අඩුවීමක් දක්නට ලැබේ.