― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeNewsඅලුත් පාපන්දු සම්මේලන නිලධාරීන්ට අතුරු තහනමක්

අලුත් පාපන්දු සම්මේලන නිලධාරීන්ට අතුරු තහනමක්

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ධුරයට තේරී පත් වූ ජේ. ශ්‍රී රංගා ඇතුළු නව නිලධාරී මණ්ඩලයට එම තනතුරුවල කටයුතු කිරීම හෙට (19) තෙක් අත්හිටුවන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් අතුරු නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය නීති විරෝධී බවට සඳහන් කරමින් එහි හිටපු සභාපති ජස්වර් උමර් මහතා ගොනු කල රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණය විනිසුරු මඬුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළේ.

එහි වගඋත්තරකරුවන් ලෙස ක්‍රීඩා ඇමැති වරයා සහ එම සම්මේලනයට තේරී පත් වූ නව නිලධාරී මණ්ඩලය ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය පසුගිය 14 වැනිදා පැවැති අතර එහි සභාපති තනතුරට තරඟ කිරීම සඳහා තමන් නාම යෝජනා බාර දුන් බවත් නාම යෝජනා කමිටුව එය පිළිගත් බව ද පෙත්සම්කරු පෙන්වා දී තිබෙනවා.

පසුව තමන්ට සුදුසුකම් නොමැති බව පවසමින් එම තනතුරට තරඟ වැදීමට බලධාරීන් අවස්ථාව නොදුන් බවයි පෙත්සම්කරු චෝදනා කළේ.

අනතුරුව විරුද්ධ පාර්ශවයෙන් ඉදිරිපත් වූ වගඋත්තරකාර ජේ.ශ්‍රී රංගා වැඩි ජන්ද 03කින් එම සම්මේලනයේ සභාපති ලෙස තේරී පත් වූ බව පෙත්සම්කරු සඳහන් කර තිබෙනවා. මේ තුළින් තමාට දැඩි අසාධාරණයක් සිදුවු බවයි පෙත්සම්කරු කියාසිටියේ.

එබැවින් එම නිලවරණයේ ප්‍රතිපල අවලංගු කර අලුතින් නිලවරණයක් පැවැත්වීමට පියවර ගන්නා ලෙස බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙස අදාළ පෙත්සම මගින් ඉල්ලා තිබෙනවා.