32.2 C
Colombo
Wednesday, February 28, 2024

පුද්ගලික මත වාද මත නොව පොදු ජනතාවගේ හා අනාගත පරපුරේ යහපත උදෙසා ප්‍රතිපත්ති සකස් විය යුතුයි

ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තිය කඩිනමින් එළි දැක්විමට කටයුතු කරන බවත් පුද්ගලික මත වාද මත නොව පොදු ජනතාවගේ හා අනාගත පරපුරේ යහපත උදෙසා ප්‍රතිපත්ති සකස් විය යුතු බවත් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ජාතික ගොඩබිම් ප්‍රවාහන ප්‍රතිපත්තිය සැකසීම පිළිබඳව පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්. ප්‍රවාහන අමාත්‍යාංශය මගින් සංවිධානය කළ මෙම සම්මන්ත්‍රණය අමතමින් අදහස් පළ කළ අමාත්‍යවරයා,

රටක් ලෙස නිදහසින් පසුව බොහෝ දේ සඳහා අපට නිශ්චිත ප්‍රතිපත්තියක් පැවතී නැහැ. තිබූ ප්‍රතිපත්ති පවා බොහෝ දෙනා තමන්ට අවශ්‍ය ආකාරයට වෙනස් කිරීම තුලින් ඇති වූ අහිතකර ප්‍රතිඵල අද අප භුක්ති විඳිනවා.

සිංගප්පූරුව, දකුණු කොරියාව වැනි මෑත කාලීනව අපට වඩා සංවර්ධිත බවට පත් වූ සෑම රටක්ම අධ්‍යාපනය ලෝකය වෙනස් කරන මෙවලමක් ලෙස හඳුනා ගත්තා. ඉන්දියාව වැනි රටවල් මේ තත්ත්වය හඳුනා ගනිමින් තොරතුරු තාක්ෂණය සම්බන්ධ අධ්‍යාපනය දියුණු කිරීමෙන් වසරකට මිලියන 200කට වැඩි අපනයන ආදායමක් උපයනවා. අපේ රට බිලියන 1.7 උපයනවා. එවකට අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස මම උසස් පෙළ තාක්ෂණවේදය විෂය මාලාව හඳුන්වා දුන්නේ දැඩි අභියෝග රැසක් ජයගනිමින්. මේ වන විට ලංකාවේ විශ්ව විද්‍යාල 13ක තාක්ෂණ පීඨ ආරම්භ වී තිබෙනවා. පනස් දහසකට වැඩි පිරිසක් විෂය හදාරනවා.

හිතනවාට වඩා වැඩිපුර යමක් හිතන්නට බැරි නම්, දකිනවාට වඩා වැඩි යමක් දකින්නට බැරිනම්, අපට නව ප්‍රතිපත්ති සකස් කරන්නට බෑ. අප සිටින සීමාවෙන් ඔබ්බට යා යුතුයි.

මා මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අවස්ථාවේදී මූල්‍ය කළමනාකරණය සඳහා 2003 මූල්‍ය කළමනාකරණ වගකීම් පනත සකස් කලා. එතුළින් රටේ මුදල් ප්‍රතිපත්තිය නීතියක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු යෝජනා කළා. නමුත් අවාසනාවකට එය ක්‍රියාත්මක කරන්නට පෙර රජය වෙනස් වුණා.ඉන් පසුව පැමිණි නිලධාරීන් රජයට උපදෙස් ලබා දුන්නේ ඒ ආකාරයට කටයුතු කරන්නට බැරි බව.

ඒ තීරණ වල ප්‍රතිඵල අද අප භුක්ති විදිනවා. මේ තත්වයන් සියල්ල අප අවබෝධ කර ගත යුතුයි. ආර්ථික අර්බුදයකට පවතින්නේ ආර්ථිකමය විසඳුම් පමණයි. එම නිසා රජයන් වෙනස් වී බලය මාරු වූවත් වෙනස් නොවන ප්‍රතිපත්ති සැකසීම රටක් ලෙස අත්‍යවශ්‍යයි. ඒ වෙනුවෙන් පුද්ගලික මත වාද මත නොව පොදු ජනතාවගේ හා අනාගත පරපුරේ යහපත උදෙසා ප්‍රතිපත්ති සකස් විය යුතුයි.

සෙත්සිරිපාය පරිශ්‍රයේ, ශ්‍රවණාගාරයේ පැවති මෙම සම්මන්ත්‍රණය සඳහා ප්‍රවාහනහා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්නේ මහතා, අමාත්‍යංශ නිලධාරීන්, රාජ්‍ය ආයතන හා පෞද්ගලික අංශයේ නියෝජිතයින් පිරිසක් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Latest

ශ්‍රීපාද වන්දනාවේ පැමිණි කතක් අතුරුදහන්

ශ්‍රී පාද වන්දනාවේ පැමිණි කාන්තාවක් අතුරුදහන් වී තිබෙනවා. මෙලෙස අතුරුදන්...

බිත්තියක් කඩා වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

ගොඩනැගිල්ලක බිත්තියක් කඩා වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් මහරගම...

මෙරට ළමා මන්දපෝෂණය උග්‍ර අතට

මෙරට දරුවන් අතර පසුගිය වසරවලට සාපේක්‍ෂව මේ වසරේදී මන්දපෝෂණයේ...

උණුසුම් කාලගුණය ගැන රතු එළියක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (28) දිනයේදී අධික උණුසුම් කාලගුණයක්...

Don't miss

අද රටේ ඇත්තේ කැලෑ නීතියක් – විපක්ෂ නායක

අද රටේ ඇත්තේ කැලෑ නීතියක් බවත් කතානායකවරයා දෙවරක්ම ආණ්ඩුක්‍රම...

රනිල් ජනපති අපේක්ෂකයා කිරීම පක්ෂයේ තීරණය නෙවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් විය...

මම පාර්ලිමේන්තුවේ කතා කරන්නේ පොඩි මිනිහාගේ ප්‍රශ්න

මේ මොහොත වනවිට මෙරට හරි අඩකට ආසන්න ප්‍රමාණයක් දුප්පත්...

රාත්‍රී ආර්ථිකය ගැන ඩයනා යළි කට අරියි

ලෝකයේ බොහෝ රටවල ආර්ථික වර්ධනය වෙනුවෙන් රාත්‍රී ආර්ථිකය වැදගත්...

දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ හතුරන් නැහැ

දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ හතුරන් නොමැති බව පොදුජන පෙරමුණේ...

ශ්‍රීපාද වන්දනාවේ පැමිණි කතක් අතුරුදහන්

ශ්‍රී පාද වන්දනාවේ පැමිණි කාන්තාවක් අතුරුදහන් වී තිබෙනවා. මෙලෙස අතුරුදන් වී ඇත්තේ මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි කාන්තාවකි. මෙම කාන්තාව පසුගිය 23 වැනිදා වන්දනා නඩයක් සමඟ...

බිත්තියක් කඩා වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

ගොඩනැගිල්ලක බිත්තියක් කඩා වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් මහරගම ප්‍රදේශයෙන් වාර්තා වනවා. පොලීසිය පැවසුවේ මහරගම පොලිස් වසමේ හයිලෙවල් මාර්ගය ආසන්නයේ ගොඩනැගිල්ලක් කඩා ඉවත් කරමින් සිටි...

මෙරට ළමා මන්දපෝෂණය උග්‍ර අතට

මෙරට දරුවන් අතර පසුගිය වසරවලට සාපේක්‍ෂව මේ වසරේදී මන්දපෝෂණයේ වැඩිවීමක් දක්නට ලැබෙන බව අනාවරණය වී තිබෙනවා. පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ දත්ත වාර්තාවලට අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඩු...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here