31.1 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමුජිබර්ගේ පුටුව ෆවුසිට

මුජිබර්ගේ පුටුව ෆවුසිට

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් තමන් දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වන එම තනතුර සඳහා ඒ.එච්.එම්.ෆවුසි පත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වනවා.

එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී කොළඹ මහා නගර සභාව වෙනුවන් තරග වැදීමේ අරමුණින් තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා දැනුම් දුන්නා.

ඒ අද (20) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.

පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන මන්ත්‍රී අසුන සඳහා පත් කෙරෙන ඒ.එච්.එම්.ෆවුසි මීට පෙර පාර්ලිමේන්තුව තුළ හිටපු අමාත්‍යවරයෙකු ලෙස ද කටයුතු කළ අයෙක්.