― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමුල්ලිවයික්කාල් හි ළිඳකින් තුවක්කු 02ක් හමුවෙයි

මුල්ලිවයික්කාල් හි ළිඳකින් තුවක්කු 02ක් හමුවෙයි

මුලතිව්, මුල්ලිවයිකාල් ප්‍රදේශයේ ළිඳක් පවිත්‍ර කිරීමේදී ළිඳ තුළ තිබී දිරාගිය ටී 56 ගිනි අවියක බඳ කොටසක් හා පිස්තෝලයක් ඊයේ (19) සොයාගත් බව මුලතිව් පොලිසිය පවසයි.

පොලිසිය පැවසුවේ අතහැර දමා තිබූ පෞද්ගලික ඉඩම ළිඳක් ඉඩම් අයිතිකරු විසින් පවිත්‍ර කිරීමේදී අදාළ ආයුධ දැක පොලිසිය දැනුවත් කොට තිබු බවයි. මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝග යටතේ මුලතිව් පොලිස් නිළධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් අදාළ ළිඳ වැඩිදුර පරීක්ෂා කිරීමේදී ළිඳ තුළ තිබී දිරාගිය ටී 56 ගිනි අවියේ කොටසක් හා පිස්තෝලයක් හමු වූ බව පොලිසිය සඳහන් කළා.

අධිකරණ නියෝග යටතේ අදාළ ගිනි අවි විනාශ කිරීමට නියමිත අතර අවසන් යුධ සමයේ පළාගිය එල්ටීටීඊ සාමාජිකයින් විසින් නැවත ප්‍රයෝජනයට ගැනීමේ අරමුණින් අදාළ ගිනි අවි ළිඳට දමා යන්නට ඇති බව පොලිසිය සැක පළ කරති.

සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.