27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනානුඔය අනතුරින් මිය ගිය වෑන් රථයේ රියදුරු අවසන් ගමන් යයි

නානුඔය අනතුරින් මිය ගිය වෑන් රථයේ රියදුරු අවසන් ගමන් යයි

පසුගිය දා නානුඔය – රදැල්ල කෙටි මාර්ගයේ සිදු වූ මාරක රිය අනතුරින් ජීවිතක්ෂයට පත් වූ හත්දෙනාගෙන් තවත් පුද්ගලයෙකුගේ අවසන් කටයුතු අද (23) පස්වරුවේ සිදු කෙරුණා.

මෙලෙස අද අවසන් කටයුතු සිදුකෙරුනේ අනතුරට ලක් වූ වෑන් රථයේ රියදුරුගෙයි.

28 හැවිරිදි ආර්.එන්.පි. දිනේෂ් නැමැති මෙම තරුණයාගේ අවසන් කටයුතු සිදු කෙරුනේ හැටන් – කුඩාගම පොදු සුසාන භුමියේදීයි.

පසුගිය 20 වනදා පස්වරුවේ අධ්‍යාපන චාරිකාවක් ගොස් යළි කොළඹ බලා පැමිණෙමින් සිටි කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් පිරිසක් රැගත් බස් රථයක් වෑන් රථයක ගැටී මෙම අනතුර සිදුව තිබුණා.

මෙම අනතුරට එම අවස්ථාවේ ඒ අසලින් ගමන්ගත් ත්‍රිරෝද රථයක් ද මැදිව තිබුණා.

අනතුරින් වෑන් රථයේ ගමන්ගත් එකම පවුලේ පස්දෙනෙක්, වෑන් රථයේ රියදුරු සහ අනතුරට මැදි වූ ත්‍රිරෝද රථයේ රියදුරු ජීවිතක්ෂයට පත් වුණා.

අනතුරින් ජීවිතක්ෂයට පත් වූ එකම පවුලේ පස්දෙනාගේ අවසන් කටයුතු ඊයේ (22) අලුයම සිදුකළ අතර, මියගිය ත්‍රිරෝද රථයේ රියදුරුගේ අවසන් කටයුතු ද ඊයේ (22) ඔහු ජීවත්ව සිටි නානුඔය ප්‍රදේශයේ දී සිදුකළ බව සඳහන්වනවා.