― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහෙරොයින් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

හෙරොයින් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

ඊයේ (24) කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් විසින් කොටහේන පොලිස් වසමේ බෝධිරාජ මාවත ප්‍රදේශයේදී වැටලීමක් කර තිබෙනවා.

ඒ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුවයි. එම වැටලීමේදී හෙරොයින් ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 325 ක් ළග තබාගත් කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය වසය අවුරුදු 31 වන කොළඹ 12 පදිංචිකාරියක්.

සැකකාරිය මාලිගාකන්ද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ෂන සිදුකරයි.